Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st June 2018 12:09:48 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) නව නිපැයුම් තරගාවලියෙන් ජයග්‍රහණය 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට.

ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) වෙතින් 2018 වර්ෂය සඳහා පවත්වනු ලැබු නව නිපැයුම් ප්‍රදර්ශණය ආසේමු (කිළි) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.28 වන දින ආසේමු (කිළි) නෙළුම්පියස ශ්‍රවණාගරයේදි පවත්වන ලදි.

මේ සඳහා ආසේමු (කිළි) යටතේ පාලනය වන බළසේනා මුලස්ථානය, ඒකක හා පුහුණු පාසල් අතුරින් නව නිපැයුම් 35 ක ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබු අතර, යාපනය විශ්ව විද්‍යාලයෙහි සුදුසුකම්ලත් විද්වත් මණ්ඩලයක් විසින් මෙහි විනිශ්චය කටයුතු සිදුකරන ලදි.

එහිදි 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙ/368320 කොප්‍රල් ‍ෆොන්සේකා ජිසිසිආර් ආර්එස්පි විසින් නිර්මාණය කර ඉදිරිපත් කරනු ලැබූ ලේසර් ලඹය නව නිපැයුම් 35 ක් අභිබවමින් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද්දේ සියලු දෙනාගේම පැසසුම් මධ්‍යයේය.

මෙම ලේසර් ලඹය නිර්මාණය කිරීමේදී 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඒකක අණදෙන නිලධාරී මේජර් පින්සර වික්‍රමාරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සෘජු අධික්ෂණය සහ මගපෙන්විම මනා පිටුවහලක් වි තිබිණි.