Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th January 2019 10:05:10 Hours

සිංහ රෙජිමේන්තුවේ නිලධාරී හා සෙසු නිලයන්ගේ දරුවන්ට පස්දින නේවාසික වැඩමුළුවක්

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ සෘජු අධීක්‍ෂණය හා මගපෙන්වීම යටතේ සිංහ සේවා වනිතා ගරු සභාපති ශිරෝමී මාසකෝරාල මැතිණියගේ උපදෙස් මත සිංහ නැණස ව්‍යාපෘතියේ තවත් අංගයක් ලෙස සිංහ රෙජිමේන්තු නිලධාරී සෙසු නිලයන්ගේ දුවා දරුවන් 68 දෙ‍නෙකු වෙනුවෙන් නේවාසික පස් දින වැඩමුළුවක් පැවැත්වූ අතර එය 2018 දෙසැම්බර් මස 18 වන දින ආරම්භ විය.

ආරම්භක උත්සවය සඳහා සිංහ සේවා වනිතා ගරු සභාපති ශිරෝමී මාසකෝරාල මැතිණිය , සිංහ සේවා වනිතා සාමාජිකාවන් හා මාපියන් විශාල පිරිසක් සහභාගී වූ අතර වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක චන්දන ගුණවර්ධන මහතා විසිනි.