Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th July 2020 12:45:58 Hours

1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරි/සෙසු නිළයින් සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දේශණයක් පැවැත්විම

571 වන බළසේනාධිපතිගේ උපදෙස් මත 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ වර්ථමාන සමාජය තුල සීඝ්‍රයෙන් පැතරී යමින් පවතින මත් ද්‍රව්‍ය වර්ග පිළිබද සහ ඒවා ශරිර ගත විමේන් ශරිරයට ඇතිවන අහිතකර බලපෑම, අනවසර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් හදුනා ගත හැකි ආකාර සහ ඒවායේ ඇති නිතීමය පැතිකඩ පිළිබද සවිස්තරාත්මක දේශණයක් 2020/07/24 වන දින 0800 පැයේ සිට 1030 පැය දක්වා කාලය තුල ත්‍රිකුණාමලය සුරාබදු ඒකකයේ සුරාබදු පරික්ෂක නිළධාරි ඒඑම්ජේඑස්බි අත්තනායක මහතා විසින් මෙම ඒකක දේශණ ශාලාවේදි පවත්වන ලදි. මෙම දේශණය සදහා මෙම ඒකකයේ නිළධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.