Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th February 2020 12:47:02 Hours

සැම්බියානු යුද්ධ හමුදාධිපති යුද්ධහමුදා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බිහානු යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwepsc DIP (DSS) MA (DSS) ශ්‍රි ලංකාවේ සිදුකරනු ලබන දින පහක නිල සංචාරය අතරතුර පසුගිය සඳුදා (24) දින උදෑසන වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධහමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණි අයස්ථාවේදී එතුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මානමුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරව, සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරී කපිතන් කසුන් දසනායක විසින් සැම්බියානු යුද්ධහමුදාධිපති තුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලබන හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා ආරාධනා කරන ලදී.

පසුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය විශේෂ පීඨිකාව මත සිටි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.