Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

13th March 2020 06:28:57 Hours

පුත්තලම ආධූණික පුහුණු පාසලේ 1 වන සේනාවිධායක රාජකාරි ආරම්භ කරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් කේ.එම්.ඩී.අයි.පී කමල්ගොඩ සිකුරාදා (6) දින සරල උත්සවයකදී පුත්තලම හි පිහිටි යුද්ධ හමුදා ආධුණික පුහුණු පාසලේ 1 වන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදි.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂකගේ නිර්දේශය මත ආධුණික පුහුණු පාසල මෑතකදී යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩිදියුණු කරන ලද අතර, වරකට බඳවා ගැනීම් 1500 කට වැඩි ප්‍රමාණයක් පුහුණුව සඳහා ඇතුළත් කර ගැනීමට පහසුකම් ඇත.

ඔහුගේ පත්වීම සඳහා ඓතිහාසික මතකයක් එක් කරමින් පාසලේ 1 වන සේනාවිධායක විසින් පැලයක් රෝපණය කර සාම්ප්‍රදායික ලෙස ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.