Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th December 2020 06:57:22 Hours

වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවෙල සහ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උත්සවය

මෑතකදී නිල උසස්වීම ලද ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට (ශ්‍රීලංසිරෙ) අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවෙල සහ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උත්සවයක් 2020 දෙසැම්බර් මස 05 වන දින අඹේපුස්සේ පිහිටි ශ්‍රීලංසිරෙ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

එහිදී, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් එහි පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළ පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව භට පිරිස් විසින් වෙන් වෙන් වශයෙන් ඔවුන් වෙත කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව නිල උසස් වීම ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී දෙදෙනා විසින් රෙජිමේන්තු ස්මාරකය අභියස, මිය ගිය සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

උපහාර උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම 12 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් එක් වූහ.