Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th February 2022 15:26:03 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 23 වන රෙජිමේන්තු සැරයන් මේජර් වීශ්‍රාම දිවියට

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 23 වන රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස රාජකාරී සිදුකර බළලත් නිළධාරී 1 චන්දන කුමාර ප්‍රේමරත්න 2022 පෙබරවාරි මස 25 වන දින අවුරුදු 22 අභිමානණීය සේවාකාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබාදී වීශ්‍රාම දිවියට පා තැබීම වෙනුවෙන් සම්ප්‍රධායික උත්සවයක් රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්සහිදී පවත්වන ලදී.

එහිදී, සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් විශ්‍රාම යෑමට නියමිත බළලත් නිලධාරි වෙත රෙජිමේන්තු සරඹ පිටියේදී ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්පසු ඔහු රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාරයක්ද පුද කිරීමෙන් අනතුරුව සියලුම නිල තේ පැන් සංග්‍රහයක් පිරිනැමූ අතර, ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් බළලත් නිළධාරී 1 චන්දන කුමාර ප්‍රේමරත්න හට රෙජිමේන්තුව වෙත කරනු ලැබූ සේවාව අගයමින් සමරු තිළිණයක් ද පිරිනමන ලදී. පසුව රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් විසින් සේවයෙන් ඉවත්ව යන රෙජිමේන්තු සැරයන් මේජර්හට උපහාර පිණිස පවත්වනු ලැබූ සමුගැනීමේ දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව එදින උත්සව කටයුතු නිමාවිය.