Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st April 2022 20:34:14 Hours

7 වන සිංහ රෙජිමේන්තු බළ ප්‍රදේශයේ ජීවත්වන දිළිඳු පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් උපාංග පිරිනමයි

7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළ ප්‍රදේශයේ පිහිටා ඇති බෝගස්වැව I, බෝගස්වැව II, නාමල්ගම, සැළලිහිණිගම, සහ නන්දිමිත්‍රගම යන නැවත පදිංචි කරන ලද ගම්මානවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 50 ක් සඳහා රුපියල් 6,000/= ක් බැගින් වූ වටිනාකමකින් යුත් වියළි සලාක ඇසුරුම් 50 ක් 2022 මාර්තු මස 29 දින 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පිරිනැමුහ.

එදිනම, බෝගස්වැව මහා විද්‍යාලයේ දිළිඳු දරුවන් 56 දෙනෙකු සඳහා රුපියල් 6,000/= වටිනාකමකින් යුත් පාසල් උපකරන සහිත පාසල් බෑගය බැගින් බෝගස්වැව විද්‍යාලයේ පැවැති උත්සවයකදී පරිත්‍යාග කරන ලදි.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සමන් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සිදුකරන කරන ලදි.

රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකික හා ලෝක ව්‍යාප්ත මිතුරු සමාජයේ දානපතියන් විසින් ‘අතහිත - 2022’ වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම උත්සවය සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදි.

ප්‍රධාන සංවිධායක මහාචාර්ය ප්‍රසාද් ලොකුබාලසූරිය, සමන්ති විජේවර්ධන මහත්මිය සහ ඩී. සී. එම් ඉල්ලේපෙරුම ආරච්චි මහත්මිය තම සංවිධානයන් නියෝජනය කරමින් උත්සවයට සහභාගි වූහ.

මෙම අවස්ථාවට 561 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී. පී. පී කුලතිලක, 563 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ. ජී. එස්. එම් පෙරේරා, 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් පී. ඒ. සී. ඩී විජේසේකර ඇතුළු භට පිරිසක් සහභාගී වූහ.