Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

22nd February 2022 18:41:55 Hours

20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිශ්පාදිත කාබනික පොහොර තොගය සී/ස ලංකා පොහොර සමාගමට භාරදෙයි.

ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙලට සහය දක්වමින් 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිෂ්පාදනය කරන ලද ඝණ කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 40,000 ක ප්‍රමාණයක් සී/ස ලංකා පොහොර සමාගමේ මොණරාගල ප්‍රාදේශිය ගබඩාව වෙත 2022 පෙබරවාරි මස 21 වන දින උත්සවාකාරයෙන් භාරදෙන ලදී.

එම අවස්ථාව සඳහා 121 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩීයුඑන් සේරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් යූඒ තිලකසිරි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ සී/ස ලංකා පොහොර සමාගමේ කාර්යමණ්ඩල නිළධාරීන් සහභාගීවිය.