12th June 2025 19:11:05 Hours
යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, 1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ලෝලුවාගොඩ ප්‍රදේශයේ පවුලක් සදහා නව නිවසක් ඉදිකිරිමේ කටයුතු සාර්ථකව නිම කරන ලදී.
11th June 2025 19:01:18 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හා සිංහ සේවා වනිතා ශාඛාව එක්ව පොසොන් පොහොය දිනයේදී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දන්සලක් සංවිධානය කරන ලදී. සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියද මෙම අවස්ථාවට සහභාගීවිය. මෙම දන්සල මගින් සිනිසම්බෝල බනිස් හා කිරි කෝපි ජනතාව අතරේ බෙදා දුන් අතර පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් මෙම දන්සල සඳහා සහභාගි විය.
11th June 2025 17:51:33 Hours
සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ සංකල්පයකට අනුව 2025 වර්ෂයේ යෙදී තිබෙන පොසොන් පුන් පොහොය දිනට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජූනි මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් සහභාගි විය.
07th June 2025 07:54:23 Hours
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස් කේ එම් එම් එන් කේ මහන්තේ කේඑස්පි හා බ්‍රිගේඩියර් ඩබ් ටී එම් පී එස් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 මැයි මස 31 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
27th May 2025 15:28:13 Hours
සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණී ඉදුනිල් ජයකොඩි මැතිණියගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රොහාන් ජයකොඩි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් 2025 වර්ෂයේ යෙදී තිබූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව සුමධුර ධර්මදේශණයක් විචිත්‍ර ධර්ම කථික අතුරුගිරිය සීවලී අසපුව විහාරාධිපති පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ විසින් 2025 මැයි මස 17 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රණවිරුවන් උදෙසා සිදුකරන ලදී.
16th May 2025 07:43:34 Hours
16th May 2025 07:39:20 Hours
06th May 2025 08:44:05 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2025 අප්‍රේල් මස 25 දින නෙළුන්දෙණිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 22 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.
17th April 2025 14:56:13 Hours
16 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 13 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඩබ්ලිව්ඒඑම්කේ වන්නිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.04.07 වන දින නව ධූරයෙහි වැඩ භාරගන්නා ලදි.
16th April 2025 12:01:53 Hours
සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟ පෙන්වීම හා උපදෙස් අනුව 2025 මාර්තු 1 දින මී උණ රෝගයෙන් අවාසනාවන්ත ලෙස මියගිය 5 වන බළඇණීය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලැබූ කෝප්රල් කුමාරසිංහ ඒබීඒ රණවිරුවාගේ දරුවන් තිදෙනාට උපකාර කිරීම සඳහා සිංහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් වියළි සලාක පරිත්‍යාග කරන ලදී.