20th June 2025 14:58:36 Hours
2025 ජුනි මස 6 වන දින, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මිය, ආබාධිත රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා වෙන්වූ “සිංහ දිරිය පියස” ව්‍යාපෘති මධ්‍යස්ථානයෙහි නිල සංචාරයක නිරත වූවාය.
මෙම සංචාරය අතරතුර සිංහ සේවාවනිතා සභාපති තුමිය විසින් විවිධ නිෂ්පාදන සිදුකරන ස්ථානයන් වන කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනයන්, සපත්තු නිෂ්පාදනය, පොත් නිෂ්පාදනය, දැව ශිල්ප, මැහුම්, සිමෙන්ති නිෂ්පාදන, ආපනශාලාව සහ බිතුසිතුවම් කලා ක්ෂේත්‍ර ව්‍යාපෘතීන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මගපෙන්වීමක් ලබා දුන්නාය. මෙම සංචාරය සදහා ගරු සභාපතිතුමියගේ සහභාගීත්වය මගින් ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සහ ආර්ථික තත්වය සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා සේවා වනිතා ශාඛාවේ කැපවීම පිලිඹිබු වේ.
සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේකම් දිල්රුක්ෂි පෙරේරා මහත්මිය ද මෙම සංචාරයට සහභාගී වූ අතර මෙම වැඩසටහන සඳහා ඇයගේ සහයෝගයද ලබාදෙන ලදී.