07th June 2025 07:54:23 Hours
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස් කේ එම් එම් එන් කේ මහන්තේ කේඑස්පි හා බ්‍රිගේඩියර් ඩබ් ටී එම් පී එස් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 මැයි මස 31 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රණවිරු ස්මාරකය අභියසදී මව් බිම වෙනුවෙන් තම ජීවිතය පුද කල වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළහ.
පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම අවස්ථාව සඳහා සහභාගි වූවන් සමග සුහද පිළිසඳරක ද නිරතවිය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, පැවති දිවා භෝජන සංග්‍රහය අතරතුරදී නියොජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ සුරතින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරින් සහ විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සහ විශේෂ අමුත්තන්ද සහභාගි වූහ.