11th June 2025 19:01:18 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හා සිංහ සේවා වනිතා ශාඛාව එක්ව පොසොන් පොහොය දිනයේදී අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල දන්සලක් සංවිධානය කරන ලදී. සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියද මෙම අවස්ථාවට සහභාගීවිය. මෙම දන්සල මගින් සිනිසම්බෝල බනිස් හා කිරි කෝපි ජනතාව අතරේ බෙදා දුන් අතර පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් මෙම දන්සල සඳහා සහභාගි විය.
මෙම දන්සල සාර්ථක කර ගැනීමට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපති තුමියගේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කිරි පැකට් 2,000 ක් ලබා දීමේන් සහයෝගය ලබා දුන්නේය.