Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th May 2025 07:43:34 Hours

1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් මෑතකාලිනව සිදුවන මාර්ගගත ඔට්ටු ඇල්ලීම, මුදල් වංචා සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදුකරයි

1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් මෑතකාලිනව සිදුවන මාර්ගගත ඔට්ටු ඇල්ලීම, මුදල් වංචා සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීම අරමුණින් 2025 මැයි මස 10 වන දින සහ 11 වන දින යන දෙදින තුල දැනුවත් කිරිමේ දේශණයන් සංවිධානය කරන ලදී.

මෙම දැනුවත් කිරිමේ දේශණය 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්ඒඑන්සී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සිදුකරන කරන ලදී.

මැයි 10 වන දින කපිතාන් පීඒපීඑස් චන්ද්‍රරත්න කරෙ විසින් “මාර්ගගත ඔට්ටු ඇල්ලීම සහ මුදල් වංචා” පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය පැවැත්වු අතර, මෙම දේශනයේදී, වංචාකරුවන් විසින් භාවිතා කරනු උපක්‍රම, මාර්ගගත ඔට්ටු ඇල්ලීමට එරෙහි වු නීතිමය රාමුව සහ පුද්ගලිකව ජිවිත වලට එමගින් සිදුවන අහිතකර බලපෑම් කෙරෙහි අවධානය යොමු කරන ලදී.

තවද, මැයි මස 11 වන දින, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා විසින් මෙහෙයවන ලද "මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ අන්තරාධායක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැළැකිම" යන මාතෘකාව යටතේ පැවති දේශණය සදහා භඨ පිරිස් සහභාගී විය. මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය තුලින් තම ජිවිතයට සිදුවන්නාවු අහිතකර බලපෑම් සහ ඒ සදහා බලපවත්නාවු නීතිමය රාමුව පිලිබඳව අවදානය යොමු කරන ලද අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ එමගින් තම පුද්ගලික ජිවිතයට සිදුවන හිතකර තත්වයන් පිලිබදව සියලුම දෙනා දැනුවත් කරන ලදි.

මෙම දැනුවත් කිරීමේ දේශණ ඒකකයේ සෙබලුන්ගේ සුභසාධනයට දායක වනවා පමණක් නොව, මූල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය දැනුමෙන් පිරිපුන් සොල්දාදුවන් පිරිසක් බිහිකිරිම මෙම දේශණ මාලාවේ අරමුණ විය‍.

වැඩසටහන අවසානයේ, 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් ආරාධිත දේශකයන් හට සමරු තිලිණයන් ප්‍රදානය කර සමාප්තිය සනිටුහන් කරන ලදී.