Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th June 2025 19:11:05 Hours

1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ලෝලුවාගොඩ ප්‍රදේශයේ පවුලක් සදහා නව නිවසක් ඉදිකරයි

යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, 1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ලෝලුවාගොඩ ප්‍රදේශයේ පවුලක් සදහා නව නිවසක් ඉදිකිරිමේ කටයුතු සාර්ථකව නිම කරන ලදී.

අභිනවයෙන් ඉදිකරන ලද එම නිවස 2025 ජුනි මස 10 වන දින 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධානත්වයෙන් උත්සවත්ශ්‍රීයෙන් නිවැසියන් වෙත භාරදෙන ලදී.

1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්ඒඑන්සී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ඒකකයේ භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මඟින් මෙම සම්පුර්ණ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරිමට හැකිවිය.