Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

11th June 2025 17:51:33 Hours

සිංහ සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සිදුකරයි

සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ සංකල්පයකට අනුව 2025 වර්ෂයේ යෙදී තිබෙන පොසොන් පුන් පොහොය දිනට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජූනි මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් සහභාගි විය.

මෙම වැඩසටහන ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානය - ශික්ෂණ රෝහල රාගම හි කාර්යය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකල අතර ලේ දන්දීම සඳහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් සේවක මහතුන් ඇතුලුව 150 දෙනෙකු පමණ සහභාගි විය.