Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

23rd June 2025 15:17:57 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 ජූනි මස 20 වන දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනූව මෙහෙයවනු ලබන විවිධ වර්ගයන්ට අයත් පැළ 2000 ක් සිටුවීමට මුලපිරීම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමීප අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන අතර පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා වන ජාතික උත්සාහයන් සඳහා මෙම ව්‍යපෘතිය පිටුවහලක් වනු ඇත.