Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th January 2026 21:56:49 Hours

යුධ වීරුවකුගේ සුභසාධනය වෙනුවෙන් යුහපති සංකල්ප නිවාස ව්‍යාපෘතිය (8 වන අධියර)

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වන බලඇණියට අයත් රණවිරු ලාන්ස් කෝප්‍රල් දිසානායක ඩී.යූ. (S/361362) හට යුහපති සංකල්ප නිවාස ව්‍යාපෘතියේ 8 වන අධියර යටතේ පුර්ණ නිවසක් සඳහා රු: 1,500,000.00 ක නිවාස ආධාර හිමිගන්වා ඇත.

මව්බිම රැකගැනීමේ උත්තරීතර වගකීම ඉටු කිරීමේදී මෙම ගෞරවනීය සෙබළා දැඩි තුවාල ලබා වම් පාදය දණහිසට පහළින් කපා ඉවත් කිරීමට සිදු වූ අතර, එම ආබාධිත තත්ත්වය හේතුවෙන් වෛද්‍ය හේතු මත සේවයෙන් විශ්‍රාම ගනු ලැබීය. මව්බිම සුරක්ෂිත කිරීම උදෙසා ඔහු විසින් සිදු කළ අතිවිශාල කැපවීම් සහ ධෛර්යවත් සේවය සදාකාලික ගෞරවයට පාත්‍ර වේ.

මෙම රණවිරුවා වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස සංකේතාත්මකව භාරදීම 2026 ජනවාරි 16 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ආර්.ආර්.කේ. රාජපක්ෂ උඩගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාව ජාතිය වෙනුවෙන් අගනා සේවයක් කළ යුධ වීරයෙකුට දැක්වූ කෘතඥතාවය හා ගෞරවය සංකේතවත් කළ අර්ථවත් අවස්ථාවක් විය.