Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th January 2026 22:20:26 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් ඩීඑස් ජයවර්ධන ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම මව්බිමට වටිනා සේවාවක් ඉටු කිරීමෙන් පසු මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය ජෙනරාල් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී හට උපහාර පිදීමේ උත්සවයක් 2026 ජනවාරි 17 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ආර් කේ රාජපක්ෂ උඩගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායන්ට අනුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. පසුව, සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීම සඳහා රෙජිමේන්තු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එම් එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් සරඹ භූමිය වෙත කැටුව ගියේය. . මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි මවුබිම වෙනුවෙන් දිවිපිදූ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය.

රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සියලු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

ඉන්පසුව, ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිංහ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද සේවා වනිතා පරිත්‍යාග වැඩසටහනට සහභාගී වී ඇත.

මෙම අවස්ථාවට සමගාමීව, උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ඩිලන්ත ජයවර්ධන මහතාට උපහාර දැක්වීම සඳහා නිලධාරී නිවස්නයේ සියලුම නිලධාරීන් විසින් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධීපති මේජර් ජෙනරාල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී වෙත, මේජර් ජෙනරාල් තනතුරට උසස් කිරීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී.