Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th August 2019 10:29:47 Hours

නව පාබල අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යුඑස්පී රාජකාරී අරඹයි

නව පාබල අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සිකුරාදා (23) දින කොළඹ 04 හි පිහිටි පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, සිය කාර්යාලයේ දී පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.