Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th February 2019 17:22:05 Hours

අන්තර් රෙජිමේන්තු දුණු විදීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට විශිෂ්ඨ ජයක්

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලිය සඳහා ඉසව්වක් ලෙස ප්‍රථම වරට ඇතුළත් කරන ලද දුණු විදීමේ තරඟාවලිය 2019.02.15 වන දින යුද හමුදා ජනපදය පනාගොඩදී රෙජිමේන්තු 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එහිදී රෙජිමේන්තු 10 ක් අභිබවමින් රන් පදක්කම් 03, රිදී පදක්කම් 02 හා ලෝකඩ පදක්කම් 02 වශයෙන් පදක්කම් 07 ක් දිනාගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු දුණු විදීමේ කණ්ඩායම සමස්ත ශූරතාවය දිනාගන්නා ලදී.

පිළිවෙලින් දෙවන ස්ථානය ගජබා රෙජිමේන්තුවත් තුන්වන ස්ථානය ගැමුණු රෙජිමේන්තුවත් දිනාගන්නා ලද අතර මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේජර් ජෙනරාල් එච් ආර් වික්‍රමසිංහ යූඑස්පි සහභාගී වන ලදී.