Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

23rd December 2019 19:39:52 Hours

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලියේ දක්‍ෂතම අණදෙන නිළධාරී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 14 වන දින සිට 22 වන දින දක්වා දියතලාව මීටර් 1000 වෙඩිපිටියේදී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම රෙජිමේන්තු නියෝජනය වන පරිදි එක් රෙජිමේන්තුවක් වෙතින් නිළධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 31 ක් සහභාගී විය.

එම කණ්ඩායම් 31 හි අණදෙන නිළධාරීන් අතරින් දක්‍ෂතම අණදෙන නිළධාරී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම අණදුන් නි/64871 මේජර් ඩී එම් එස් සී දසනායක ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් දිනාගන්නා ලද අතර ආධුණික වෙඩිතැබීමේ තරඟාවලියේ දෙවන ස්ථානය 6 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙ/368494 කෝප්‍රල් සුභසිංහ එස් ඒ එන් විසින් දිනාගන්නා ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කල කණ්ඩායමේ සාමාජිකයන් 10 දෙනා අතරින් 06 දෙනෙකු ප්‍රගුණ වෙඩික්කරු නිළ ලාංඡනය හිමිකර ගන්නා ලදී.