Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th February 2020 18:18:36 Hours

යුද්ධ හමුදා විද්‍යාපීඨ ශිෂ්‍යභට නිලධාරීන් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ම්‍යස්ථානයේ සංචාරයක නිරතවිය

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ (පාඨමාලා අංක 88) පුහුණුව ලබන නිලධාරි ශිෂ්‍යභඨයින් ඔවුන්ගේ විෂය මාලාවෙහි හුරුපුරුදු අංගයක් ලෙස ඉකුත් සිකුරාදා (14) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ම්‍යස්ථානයේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ශිෂ්‍යභඨ නිලධාරීන් සහ උපදේශකවරුන් නියෝජ්‍ය ම්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් එල් ඩී පෙරේරා සහ රෙජිමේන්තු ම්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුමි අයුරින් පිළිගන්නා ලදි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායකගේ උපදෙස් පරිදි රෙජිමේන්තු විධායක අධිකාරී විසින් සිංහ රෙජිමෙන්තු ඉතිහාසය, වර්තමානය හා සිංහ රෙජිමේන්තවට ආවේනික ගතිලක්‍ෂන මෙන්ම කාය්‍යභාරය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

ශිෂ්‍යභඨ නිලධාරීන් 38 ක් නිලධාරී උපදේශකයින් 3 ක් සහ සෙසුනිළ උපදේශකයින් 11 දෙනෙකු මෙම ක්‍ෂේත්‍ර චාරිකාව සඳහා එක්විය.

ඔවුන් සිංහ රෙජිමේන්තුවෙන් නික්මයාමට ප්‍රථම නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් එල් ඩී පෙරේරා හට සිහිවටනයක් ප්‍රදානය කරන ලදී.