Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

31st January 2020 13:18:46 Hours

සිංහ සේවාවනිතා සාමාජිකාවන් විසින් සිංහ රෙජිමේන්තු රණවිරුන්ගේ දුවාදරුවන් හට ශීෂ්‍යත්ව ප්‍රදානයක් සංවිධානය කරයි

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව මගින් ක්‍රියාන්විත හේතූන් මත මියගිය/ ආබාධිත/ සේවයේ යෙදී සිටින රණවිරුන්ගේ දුවාදරුවන් හට සහ සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහල නැවීමේ අරමුණින් ශීෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් 2020.01.25 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතණි ප‍්‍රියමාලි මුදන්නායක මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

එහීදි රණවිරු දුවාදරුවන් 49 දෙනෙකු සඳහා එක් අයෙකුට රු:6000.00 බැගින් වූ පාසල් උපකරණ කට්ටලක් බැගින් ප්‍රදානය කරන ලදී. අදාල අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ජ්‍යෙෂ්ඨ නිළධාරී ඇතුළු නිළධාරීන් රැසක්ද සේවාවනිතා ශාඛාවේ ක‍්‍රියාකාරී සාමාජිකාවන්, සෙසුනිළයින්/ භාර්යාවන් හා දුවාදරුවන් සහ සිවිල් සේවක මහතුන් රැසක්ද සහභාගී විය.

අ’ර්ල්ස් කෝට් සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්‍ෂ නිළධාරි එමාල් ගුණසේකර මහතා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ මූල්‍යමය දායකත්වය දක්වන ලදී.

අදාල ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව වෛද්‍ය මෙත්මාලි මුණසිංහ මහත්මිය විසින් “දරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ධය“ යන මාතෘකාව යටතේ ඉතා හරවත් දේශණයක්ද සිදුකරන ලදී.