22nd March 2018 16:42:42 Hours
661 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධනගේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් මිරිහාන සිල්වර්මිල් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පුනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත පොල් වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් 2018.03.14 දින බළඇණි පුහුණු පාසලේදි බෙදාදෙන ලදි.
22nd March 2018 16:39:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයක් මත සිදු කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් වලට සමගාමිව 574 බළසේනාවේ බළසේනාධිපති කර්නල් චන්දන සෝමවීරගේ අධික්ෂණයෙන් මාන්කුලම් ප්‍රදේශයේ ඒ 9 මාර්ගය හා ඒ 34 මාර්ගයන් දෙපස පිරිසිදු කිරිමෙ වැඩසටහනක් 2018.03.17 වන දින 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් සිදුකරන ලදි.
22nd March 2018 16:33:41 Hours
ශ්‍රි ලංකාව තුල සයිබර් අවකාශයෙන් එල්ල වන අපරාධ මර්ධනය කිරිම සඳහා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පියවර රැසක් ගෙන ඇත.ඒ පිළිබදව කිලිනොච්චි බළප්‍රදේශයේ යුද්ධ හමුදා භඨපිරිස් දැනුවත් කිරිම වැඩසටහනක් 2018.03.20 වන දින ඉරණමඩු නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් මත සිදු කරන ලදි.
16th March 2018 13:38:05 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කුමා පිරිස් 2018.03.13 දින රාජකාරි භාරගනු ලැබිය.
13th March 2018 14:17:55 Hours
ආගම් අතර බැදීම් ශක්තිමත් කිරිම සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ පුර්ණ අනුග්‍රහය ඇතිව එම ඒකකයේ අණදෙන නිළධාරි මේජර් ආර්එමිඩබ්ලිව්කේ කරුණාරත්නගේ අදික්ෂණය යටතේ 2018.03.10 වන දින සිවිල් වැසියන් හා එක්ව මාංකුලම් ගණපති කෝවිලේහි පුජාවක් පුජාවක් පවත්වන ලදි.
03rd March 2018 12:05:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ආරාධනයකට අනුව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත මානව හිමිකම් සහ මානුෂ්‍යවාදි නීතිය පිලිබඳ පුළුල් දැනුමක් ලබාදිමේ වැඩ සටහනක් පවත්වන ලදි.
02nd March 2018 17:39:44 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස් වලට අනුව 652 බසේමු වෙතින් සංවිධානය කරනු ලැබු අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලිය 2018.02.27 වන දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්රිඩාපිටියේදි පවත්වන ලදි.
02nd March 2018 17:31:02 Hours
57 වන සේනාංකයේ සිය අභිමානවත් 11 වන සංවත්සරය සමගාමිකව සේනාංකාධිපති මේජර් ජෙනරාල් රවිප්‍රිය ජ්‍යෙෂ්ඨ නිළදාරි තුමන් වෙත 7 ශ්‍රීලපාහ ඒකක භඨපිරිස් විසින් සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 2018.02.26 වන දින පිරිනමන ලද අතර, එදින සියළුනිල දිවා භෝජන සංග්රය සඳහාද සේනාංකාධිපති තුමා සහභාගි ලදි.
02nd March 2018 17:26:21 Hours
ජාතික කඹ ඇදිමේ සංගමය විසින් පවත්වන ලැබු 14 වන ජාතික කඹ ඇදිමේ තරගය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධානයෙන් 2018 පෙබරවාරි මස 25 වන දින 0800 පැයේ සිට 1830 පැය දක්වා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ දි තරගාවලිය පවත්වන ලද අතර,තරගාවලිය සඳහා සහභාගිවු කණ්ඩායම් පහත සදහන් පරිදි වෙ.
02nd March 2018 17:08:12 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු 66 සේනාංකය යටතේ පාලනය වන 663 බළසේනාව් නවතමයෙන් ඉදිරනු ලැබු බනි/සැරයන් නිවස්නය 2018.02.25 වන දින 66වන සෙනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල දුමින්ද කැප්පෙටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් විවෘත කරන ලදි.