Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd March 2018 16:42:42 Hours

66 වන සේනාංකයේ මුලිකත්වයෙන් පොල් වගාකරුවන්හට නොමිලේ පොහොර බෙදාදෙයි

661 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධනගේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් මිරිහාන සිල්වර්මිල් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පුනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත පොල් වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් 2018.03.14 දින බළඇණි පුහුණු පාසලේදි බෙදාදෙන ලදි.

පුනරින් අරසපුරකුලම් බළඇණි පුහුණු පාසලේ දි පොල්වගාකරුවන් සඳහා පොහොර භාවිතය පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ යාපනය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරු විගුන්දන් මහතා විසින්ද පොහොර භාවිතය තුලින් වැඩි ඵලදාවක් ලබාගන්නා ආකාරය පිළිබඳ පුළුල් දේශණයක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර, සිල්වර් මිල් සමාගමේ නිලධාරින්, යාපනය ප්‍රදේශයේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරු සහ අතිරේක කළමණාකරු එස් කරුනේෂන් මහතා ඇතුළු බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සිවිල් සම්බණ්ධිකරණ නිලධාරින් සහභාගි වන ලදි.