Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

ඉතිහාසය

ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොච්චියේ ප්‍රධාන කාර්යභාරය

දශක තුනකට ආසන්න කාලයක් කුරිරු ත්‍රස්තවාදි ග්‍රහණයේ පැවති කිලිනොච්චි දිස්ත්‍රික්කය ආරක්ෂක සේනාවන් විසින් මානුෂිය මෙහෙයුමේ දි මුදා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ ආරක්ෂාව හා සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් මෙන්ම කිළිනොච්චි දිස්ත්‍රීක්කය සංවර්ධනය කිරිමට රජයට ආධාර කිරිමේ අරමුණින් 2009 ජූනි 29 දින ආරක්ෂක සේනාව කිලිනොච්චිය පිහිටු විය. ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රථමයෙන් කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිට වු අතර එහි කාර්ය්‍ය භාරය ක්‍රමයෙන් පුළුල්වත්ම ඉරණමඩු ජලාශය අසලට ගෙන එන ලදී.

ආරම්භයේ දි ආරක්ෂක සේනාව කිලිනොච්චිය, එක් පාබල සේනාංකයකින් ද කාර්යය සාධක බළකා හතරකින් ද බළසේනා දො‍‍ලොසකින් සහ පාබල, ආධාරක සහ සැපයුම් ඒකක හැටකින් සමන්විත විය. අනතුරුව ආරක්ෂක සේනාව කිලිනොච්චිය හි කාර්යයන් පුළුල්වත්ම එය පාබල සේනාංක හතරකින් සහ බළසේනා එකලොසකින් සහ පාබල, ආධාරක සහ සැපයුම් ඒකක තිස් නමයක් සහිත ලෙස සංයුක්ත කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදා, විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක බළකාය ද කිලිනාච්චි දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සහ සාමය තිර කිරිමට මෙන්ම සංවර්ධනය කිරිමට උර දි සිටිති.

ආරක්ෂක සේනාව කිලිනොච්චිය විසින් යුද්ධ හමුදාව වෙත භාර වු එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කිරිම සහ නැවත සමාජගත කිරීම මෙන්ම නිවාස සහ රජයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, සිවිල් ජනතාව නැවත පදිංචි කිරීම සහ දිස්ත්‍රික්කයේ සාමය සහ සංහිදියාව ඇති කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. වර්තමානය වන විට තම ක්‍රියාකාරකම් තවත් පුළුල් කරමින් ආරක්ෂක සේනාව කිලිනොච්චිය විසින් ප්‍රජාවගේ ජීවන තත්වය ඉහල නැංවීමේ සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිමේ මහගු මෙහෙයට අතගසා ඇත. ඒ අනුව වෘත්තිය උපදේශන, ප්‍රජා වෛද්‍ය සත්කාර, අධ්‍යාපනික සහ ක්‍රීඩා වැඩසටහන් ගණනාවක් මෙහෙයෙවනු ලබයි. එක් ජාතියක් ලෙස එකමුතුව ජීවත් විමට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රජාවට අවශ්‍ය පරිසරය ඇති කිරිම මෙන්ම සියළු ජාතීන් අතර සමානාත්මතාව, වාර්ගික සහජීවනය ඇති කිරිම සහ සමාජීය, සංස්කෘතික හා ආගමික සංවර්ධනය ඇතිකිරිමෙහි ලා රජය ගෙන යන සාමුහික ප්‍රයත්නය සඳහා ආධාර වශයෙන් ආරක්ෂක සේනාව කිලිනොචිචය විසින් සුවිශේෂි ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලබයි.