Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:08:12 Hours

663 බළසේනාවේ නවතමයෙන් ඉදිකරනු ලැබු බනි/සැරයන් නිවස්නය විවෘත කිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු 66 සේනාංකය යටතේ පාලනය වන 663 බළසේනාව් නවතමයෙන් ඉදිරනු ලැබු බනි/සැරයන් නිවස්නය 2018.02.25 වන දින 66වන සෙනාංකයේ සේනාංකාධිපති මේජර් ‍ජෙනරාල දුමින්ද කැප්පෙටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් විවෘත කරන ලදි.

මෙම ගොඩනැගිල්ල සඳහා භෝජනාගාරයක්. මුළුතැන්ගෙයක්, රූපවාහිනි නැරබුම් කාමරයනක් සහ නවාතැන් පහසුකම් සහිත වන බැවින් ,ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා5ගරෙ ඒකකය සහ 2 ශ්‍රීලංජාආබමු ඒකකයෙහි සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය ලබාදුන් අතර, 663 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩිඑස්ඩි සුභාශන වැලිකල ජ්‍යෙෂ්ඨ නිළදාරි තුමන්ගේ අධීක්ෂණය මත බනි/සැරයන් නිවස්නය ඉදිකරන ලදි.

බනි/සැරයන් නිවස්නය විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 66 වන සේනාංකාධිපති දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සහභාගි වු අතර. ආගමික වතාවත් වලින් පසු ගොඩනැගිල්ල විවෘත කරන ලදි.