Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:39:44 Hours

2018 ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අභියොගතා කුසලාන පාපන්දු අවසන් මහා තරගය

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස් වලට අනුව 652 බසේමු වෙතින් සංවිධානය කරනු ලැබු අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලිය 2018.02.27 වන දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රිඩාපිටියේදි පවත්වන ලදි.

මෙම තරගාවලිය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම් 28 ක් සහ සිවිල් කණ්ඩායම් 06 සහභාගිවු බැවින් ,අවසන් මහ තරගාවලිය සඳහා 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමත් 9 වන සංඥා බළකා කණ්ඩායම සුදුසුකම් ලැබු අතර, සිවිල් කණ්ඩායම් අතරින් කලෙයිමගල් ක්‍රිඩා සමාජය සහ ජොලිබෝයිස් ක්‍රිඩා සමාජය සුදුසුකම් ලබයි.

ඒ අනුව 1 වන ගජබා රෙජිමෙන්තු කණ්ඩායම සහ 9 වන සංඥා බළකා කණඩායම අතර පැවති අවසන් මහා තරගයේ ජය 3-0 ලෙස ගජබා රෙජිමේන්තු කණ්ඩායම ජය ගෙන ශූරතාවය හිමිකරගනි.

සිවිල් කණ්ඩායම් අතුරින් සුදුසුකම් ලැබු කලෙයිමගල් ක්‍රිඩා සමාජ සහ ජොලිබොයිස් ක්‍රිඩා සමාජය අතර පැවති තරයේ 2-1 ලෙස ජොලිබොයිස් ක්‍රිඩා සමාජය ජයගෙන ශූරතාවය දිනාගනු ලැබේ