02nd March 2018 17:02:22 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය 2018 පෙබරවාරි මස දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි අරඹන ලදි.
27th February 2018 11:19:34 Hours
57 සේනාංකයේ අධීක්ෂණය මගින් පැවැත්වු කියෝෂි රියු බුදෝ ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 02 සහ 03 පසුගිය දින සාර්ථකව නිම වු අතර, එහි සහතික පත් ප්රදානෝත්සවය 2018.02.21 වන දින 57 වන සේනාංකයේ උපයෝගිතා ගොඩනැගිල්ලේ දි පවත්වන ලිදි.
24th February 2018 21:30:04 Hours
එවරස්ට් කඳු තරණය සිදුකල ප්‍රථම ආසියාතික කාන්තාව බවට පත්වෙමින් වාර්ථාවක් පිහටුවා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයන්ති කුරුඋතුම්පාල මෙනවිය සහ ජොහාන් පීරිස් යන අයවළුන් විසින් දිරිමත් කිරිමේ දේශණයක් මෙම ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අධීක්ෂණය යටතේ 2018.02.23 වන දින පවත්වන ලදි.
22nd February 2018 18:33:37 Hours
මන්නාරම සිට යාපනය දක්වා ධාවනයවු ලොරි රථයක් ඒ 32 මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දි 2018.02.19 වන දින පෙ:ව 0745 ට පමණ පෙරලිගොස් ඇති අතර, 661 බළසේනාවේ සෙබළුන් විසින් මෙම ලොරි රථයේ රියදුරු ඉවතට ගෙන එහි තිබු බඩුභාහිරාදිය වෙනත් ලොරි රථයකට පැටවිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදි ඇත.
21st February 2018 14:43:31 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ රජකාරි නියුතු භඨපිරිස් විසින් සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර සුහදතාවය ඇති කිරිමේ අමුණින් ශ්‍රමදාන කටයුතු සිදුකරනු ලබන ලදි.
21st February 2018 13:19:24 Hours
ආරක්ෂක සේනා මුළස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස්වලට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ ජිවත් වන දමිළ වැසියන් සහ යුද්ධ හමුදාව අතර සුහද තාවය වැඩි දියුණු කිරිමේ අරමුණින් 65 වන සේනාංක බළප්‍රදේශයේ පාලිනගර් මහ විද්‍යාලයේ දි ශ්‍රමදානයක් සිදුකරන ලදි.
18th February 2018 23:19:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොච්චි ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව කොළඔ ප්‍රධාන මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් කිළනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල්වල සිටින පාසල් ලමුන්300 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදෙන ලදි.
06th February 2018 16:03:29 Hours
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයක් මත සිවිල් වැසියන් අතර සමගිය හා සහජිවනය ඇති කිරිමේ අරමුණින් යුතුව දමිල ක්‍රිඩා සමාජ සහභාගි කරවා ගනිමින් 70 වන නිදහස් දිනයට සමගාමිව පාපන්දු තරගාවලියක් පරන්තන් පිහිටි යූත් සර්කල් ක්‍රිඩා සමාජ ක්‍රිඩාංගනය තුලදි 2018.02.04 වන දින පවත්වන ලදි.
05th February 2018 17:18:54 Hours
ගාලු මුවදොර පවත්තන ලද අභිමානවත් 70 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මගපෙන්විම මත 2018.02.03 හා 04 යන දිනයන්හි ප්‍රජාසත්කාර වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.
70 වැනි නිදහස් සැමරුම් උළෙල කොළඔ ගාලු මුවදොර පවත්තන ලද අතර එය නැරබිම සදහා ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරය තුලදි සියලු දෙනා වෙත නැරබිමට අවස්ථාව සලස්වන ලදි.
03rd February 2018 10:30:39 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මගපෙන්විම යටතේ, 57 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා විසින් කිලිනොචිචි ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දක්ෂතාවයන් නගාසිටුවිම සදහා ගෝල්ෆ් ක්‍රිඩාව හදුන්වාදිමේ දෙදින කදවුරක් පවත්වන ලදි.