Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th February 2018 11:19:34 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරිමේ පාඨමාලාව

57 සේනාංකයේ අධීක්ෂණය මගින් පැවැත්වු කියෝෂි රියු බුදෝ ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 02 සහ 03 පසුගිය දින සාර්ථකව නිම වු අතර, එහි සහතික පත් ප්‍රදානෝත්සවය 2018.02.21 වන දින 57 වන සේනාංකයේ උපයෝගිතා ගොඩනැගිල්ලේ දි පවත්වන ලිදි.

කියෝෂි රියු බුදෝ සටන් කලා පාඨමාලාව අංක 02 2017.12.23 දින ආරම්භවු අතර, 65 සහ 57 සේනාංක නියෝජනය කරමින් සෙබළුන් 166 දෙනෙකු එම පාඨමාලාවට සහභාගිවිය. පාඨමාලාව අවසානයේ එම සිසුහු කොළ බඳපටිය දිනාගැනිමට සමත්වන ලදි. කියෝෂි රියු බුදෝ පාඨමාලා අංක 03 2018.01.28 වන දින ආරම්භ කල අතර, 57 සහ 65 සේනාංක නියෝජනය කරමින් සෙබළුන් 200 දෙනෙකු ඒ සඳහා සහභාගි වු බැවින් පාඨමාලාව අවසානය වන විට එම සෙබළුන් කහ බඳපටිය ලබාගැනිමට සුදුසුකම් සපුරන ලදි.

යුද්ධ හමුදා කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක සහ ලෝක කරාතේ බුදෝ ප්‍රෙඩරේෂනයේ ප්‍රධාන උපදේශක මෙන්ම ලෝක කියෝෂි රියු බුදෝ කරාතේ සංගමයේ ශ්‍රී ලංකා සාමාජික ෂිහාන් ක්ලෙමන්ට් ද සිල්වා මහත්මා මෙම පාඨමාලාව මෙහෙයවන ලදි.

මෙම සහතික පත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 571 බළසේනාධිපති කර්නල් රෝහිත අළුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි වු අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිසුන්ට සහතිකපත් ප්‍රදානය අවසානයේ ප්‍රධාන උපදේශක හටද ත්‍යාග පිලිගන්වන ලදි. 57 සේනාංකය යටතේ රාජකාරි නියුතු ඒකකවල අණදෙන නිලධාරින් උත්සව අවස්ථාව සඳහා සහභාගි විය.