Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd February 2018 10:30:39 Hours

කිලිනොචිචි ප්‍රදේශයේ පාසල් ලමුන් සදහා ගෝල්ෆ් ක්‍රිඩාව හදුන්වාදිම.

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මගපෙන්විම යටතේ, 57 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා විසින් කිලිනොචිචි ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දක්ෂතාවයන් නගාසිටුවිම සදහා ගෝල්ෆ් ක්‍රිඩාව හදුන්වාදිමේ දෙදින කදවුරක් පවත්වන ලදි.

ගෝල්ෆ් ක්‍රිඩාවේ ආරමිභක වැඩමුළුව 2017 අගෝස්තු මස 07 වන දින අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ පිහිටි ඊගල්ස් හෙරිටේජ් ගෝල්ෆ් කෝස් ක්‍රිඩාංගනයේදි පවත්වනු ලැබු අතර දෙවන වැඩමුළුව 2017 නොවැම්බර් මස 05 වන දින එම ස්ථානයේදි පැවැත්විය. එම වැඩමුළුව සදහා පාසල් ළමුන් 50 දෙනෙකු සහභාගිවු අතර, ළමුන් අතුරින් කිලිනොචිචි ප්‍රදේශයේ පාසල් ළමුන් 21 දෙනෙකු හා ගුරුවරුන් 03 දෙනෙකු එම අවස්ථාව සදහා සහභාගි වන ලදි. කිලිනොචිචි ප්‍රදේශයේ පාසල් සිසුන් හට වෙනත් ප්‍රදේශයන්ගෙන් පැමිණි පාසල් ළමුන් සමග එක්වි ක්‍රිඩා කිරිමට ලැබිම වටිනා අවස්ථාවක් විය.

මෙම කදවුරේ පුහුණුවිම් කටයුතු ශ්‍රිලංකා ගෝල්ෆ් සංගමයේ සාමාජිකයින් විසින් සිදුකරණු ලැබු අතර, ගෝල්ෆ් සංගමයේ ගෝල්ෆ් ක්‍රිඩා උපදේශකවරයෙකු වන අකිල පෙරේරා මහතා සහ සාමාජිකයින් පිරිසක් විසින් මෙහෙයවන ලදි.

තවද එම වැඩමුළුවේ ප්‍රතිඵලයක් ලෙස ගෝල්ෆ් ක්‍රිඩාව සදහා කිලිනොච්චි ප්‍රදේශයේ ඇතුළු උතුරු පලාතේ පිහිටි පාසල්වල මෙම ක්‍රිඩාව ව්‍යාප්ත කිරිම සදහා වැඩපිලිවෙලක් ශ්‍රි ලංකා ගෝල්ෆ් සංගමය විසින් ආරම්භ කරණු ලැබු අතර එම ක්‍රිඩාව දැනට කිලිනොච්චි ප්‍රදේශයේහි තිබෙන පාසලක් වන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදි පාසල් ළමුන් සදහා සති අන්තයේ පුහුණුවිම් කටයුතු සිදුකරගෙන යනු ලබයි.