Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2018 16:03:29 Hours

66 වන සේනාංකය විසින් පාපන්දු තරගාවලියක් සංවිධානය කිරිම

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයක් මත සිවිල් වැසියන් අතර සමගිය හා සහජිවනය ඇති කිරිමේ අරමුණින් යුතුව දමිල ක්‍රිඩා සමාජ සහභාගි කරවා ගනිමින් 70 වන නිදහස් දිනයට සමගාමිව පාපන්දු තරගාවලියක් පරන්තන් පිහිටි යූත් සර්කල් ක්‍රිඩා සමාජ ක්‍රිඩාංගනය තුලදි 2018.02.04 වන දින පවත්වන ලදි.

66 වන සේනාංකයේ භඨ පිරිස් විසින් සංවිධානය කරනු ලැබු මෙම පාපන්දු තරගාවලිය සදහා පුනරින් ඉලංගත්තිරෙයි ක්‍රිඩා සමාජය හා යූත් සර්කල් ක්‍රිඩා සමාජය සහභාගිවු අතර එම ක්‍රිඩකයින් වෙත සහතික හා කුසලාන පිරිනැමිම 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා සිවිල් වැසියන් හා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්,නිළධාරින් හා සෙසු නිළයින් සහභගිවන ලදි.