Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th February 2018 17:18:54 Hours

70 වන ජාතික නිදහස් දිනයට සමගාමිව ප්‍රජාසත්කාර වැඩ සටහන් පැවැත්විම

ගාලු මුවදොර පවත්තන ලද අභිමානවත් 70 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මගපෙන්විම මත 2018.02.03 හා 04 යන දිනයන්හි ප්‍රජාසත්කාර වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.

70 වැනි නිදහස් සැමරුම් උළෙල කොළඔ ගාලු මුවදොර පවත්තන ලද අතර එය නැරබිම සදහා ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරය තුලදි සියලු දෙනා වෙත නැරබිමට අවස්ථාව සලස්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ මගපෙන්විම මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ අධික්ෂනය යටතේ පවත්තන ලද රජයේ රෝහල් සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහන සදහා යුධ හමුදාවේ භඨ පිරිස‍් 1300 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි, උරිතිරපුරම්, වරාවිල්, මුලන්කාවිල්, අක්කරායකුලම් සහ මල්ලාවි යන රෝහල්වල අවට පරිසරය හා වාට්ටු සංකිරණය සුද්ධ පවිත්‍ර කර නේවාසික රෝගින් සදහා තේ පැන් දිවා ආහාරය ලබාදෙන ලදි.

තවද 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ අධික්ෂණය යටතේ එම දිනයේදිම ලේ දන්දිමේ වැඩ සටහනක් පවත්වන ලද අතර ඒ සදහා යුධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් ලේ පොයින්ට් 50 ප්‍රමාණයක් කිලිනොච්චි රොහලේ වෛද්‍යවරැන් හා රොහල් කාර්ය්‍ය මණ්ඩලය විසින් ලබාගන්නා ලදි.