Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st February 2018 13:19:24 Hours

යුද්ධ හමුදා භඨපිරිස් විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් සිදුකිරිම

ආරක්ෂක සේනා මුළස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස්වලට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ ජිවත් වන දමිළ වැසියන් සහ යුද්ධ හමුදාව අතර සුහද තාවය වැඩි දියුණු කිරිමේ අරමුණින් 65 වන සේනාංක බළප්‍රදේශයේ පාලිනගර් මහ විද්‍යාලයේ දි ශ්‍රමදානයක් සිදුකරන ලදි.

පාලිනගර් මහ විද්‍යාලයේ විදුහල්පති තුමාගේ ඉල්ලීමකට අනුව පාලිනගර් පාසල් භූමිය හා ක්‍රිඩාපිටිය 653 බළසේනාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ 10 ශ්‍රිලපාහ ඒකක නි/සෙනින් 02x 70 භඨපිරිස් ප්‍රමාණයක් සහ ප්‍රදේශවාසින් 70 දෙනෙකු පමණ සහභාගිත්වයෙන් 2018.02.17 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා කාලය තුල ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා 10 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිළධාරි ,පාලිනගර් මහ විද්‍යාලයේ විදුහල්පති තුමා සහභාගි වු අතර, සහභාගිවු සියළුම දෙනා වෙනුවෙන් යුද්ධ හමුදා භඨපිරිස් විසින් තේපැන් සංග්‍රහයක්ද ලබාදෙන ලදි. පාසල් දරුවන්ගේ පනීපාරක්ෂාව සහ අධ්‍යපන මට්ටම ඉහල නැංවිම සඳහා යද්ධ හමුදාව විසින් සිදුකරන ලද මෙම මහගු සත්කාරය වෙනුවෙන් පාලිනගර් මහ විද්‍යාලයේ විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලලයද පාසල් සිසු සිසුවියන්ගේත් දෙමාපියන්ගෙත් දැඩි ප්‍රශංසාව හිමිවිය.