Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd March 2018 16:39:22 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රජාසත්කාර වැඩසටහනක් සංවිධානය කිරිම.

ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයක් මත සිදු කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් වලට සමගාමිව 574 බළසේනාවේ බළසේනාධිපති කර්නල් චන්දන සෝමවීරගේ අධික්ෂණයෙන් මාන්කුලම් ප්‍රදේශයේ ඒ 9 මාර්ගය හා ඒ 34 මාර්ගයන් දෙපස පිරිසිදු කිරිමෙ වැඩසටහනක් 2018.03.17 වන දින 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් සිදුකරන ලදි.

වැඩසටහනේ අරමුණවුයේ ඩෙංගු මදුරුවන් වියාප්තවිම වැළැක්විම හා මාන්කුලම් අවට පරිසරය පිරිසිදුව තබා ගැනිම සහ ජාතින් අතර සංහිදියාව ඇති කිරිම වේ.

මෙම ශ්‍රමදානය සදහා පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය සභාවේ නිළධාරින්, මාන්කුලම් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් ද සහභාගි වු අතර සිදුකරන ලද වැඩසටහන වෙනුවෙන් එම ප්‍රද්ශයේ සිවිල් වැසියන් එම වැඩසටහන අගය කෙට සලකන ලදි.