Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:26:21 Hours

14 වන ජාතික කඹ ඇදිමේ තරගාවලිය ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි විසින් සංවිධානය කරන ලදි

ජාතික කඹ ඇදිමේ සංගමය විසින් පවත්වන ලැබු 14 වන ජාතික කඹ ඇදිමේ තරගය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධානයෙන් 2018 පෙබරවාරි මස 25 වන දින 0800 පැයේ සිට 1830 පැය දක්වා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ දි තරගාවලිය පවත්වන ලද අතර,තරගාවලිය සඳහා සහභාගිවු කණ්ඩායම් පහත සදහන් පරිදි වෙ.

අ ශ්‍රි ලංකා යුධ හමුදාව (පිරිමි/කාන්තා)

ආ ශ්‍රි ලංකා නාවික හමුදාව (පිරිමි/කාන්තා)

ඇ ශ්‍රි ලංකා ගුවන් හමුදාව (පිරිමි/කාන්තා)

ඉ ශ්‍රි ලංකා පොලිසිය (පිරිමි/කාන්තා)

ඊ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව - කිලිනොච්චි (කාන්තා)

උ වවුනියා ක්‍රිඩා සමාජය (පිරිමි/කාන්තා)

ඌ දඹුල්ල ක්‍රිඩා සමාජය - පූගොඩ (පිරිමි)

එ ෆ්රිඩම් ක්‍රිඩා සමාජය - හොරණ (පිරිමි)

ඒ මඩකලපුව ක්‍රිඩා සමාජය (පිරිමි)

මෙම තරගාවලියේ ජය පහත දැක්වෙන බර පන්ති අනුව කණ්ඩායම් විසින් තරගාවලිය ජය හිමිකර ගනු ලැබේ.

අ පිරිමි (බර කි:ගැ 640 ට අඩු)

(1) ශූරතාවය - ශ්‍රි ලංකා යුද්ධ හමුදාව

(2) අනු ශූරතාවය - ශ්‍රි ලංකා නාවික හමුදාව

(3) තෙවන ස්ථානය - ශ්‍රි ලංකා පොලිසිය

ආ කාන්තා (බර කි:ගැ 540 ට අඩු)

(1) ශූරතාවය - ශ්‍රි ලංකා නාවික හමුදාව

(2) අනු ශූරතාවය - ශ්‍රි ලංකා යුද්ධ හමුදාව

(3) තෙවන ස්ථානය - ශ්‍රි ලංකා ගුවන් හමුදාව

මෙම උත්සව අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයන් සහභාගිවු අතර,55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි,ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ප්‍රධාන මාණ්ඩළික නිළධාරි බ්‍රිගේඩියර් ජගත් රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරි,යුද්ධ හමුදා කඹ ඇදිමේ සම්මෙල්ලනයේ සභාපති කර්නල් ජේ රණසිංහ ආර්එස්පි යුඑස්පි,යුද්ධ හමුදා සම්මෙල්ලනයේ ලේඛම් ඩබ්ලිව් ක්‍රිස්ටින් ප්‍රනාන්දු, ව්‍යාපෘති නිළධාරි - ක්‍රිඩා අමාත්‍යාංශ හේමන්ත බණ්ඩාර, යුද්ධ හමුදා සම්මෙල්ලනයේ නියෝජ්‍ය සභාපති සේරසිංහ මහතා, යුද්ධ හමුදා සම්මෙල්ලනයේ අතිරේක ලේඛම් වික්‍රමසිංහ මහතා සහභාගි වන ලදි.

මෙවර 14 වන ජාතික කඹ ඇදිමේ තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය නෙස්ටමෝල්ට්,සිරස ටිවි සහ ලක්බිම පුවත්පත විසින් ලබා දෙන ලදි.