Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:31:02 Hours

57 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය සැමරයි

57 වන සේනාංකයේ සිය අභිමානවත් 11 වන සංවත්සරය සමගාමිකව සේනාංකාධිපති මේජර් ජෙනරාල් රවිප්‍රිය ජ්‍යෙෂ්ඨ නිළදාරි තුමන් වෙත 7 ශ්‍රීලපාහ ඒකක භඨපිරිස් විසින් සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 2018.02.26 වන දින පිරිනමන ලද අතර, එදින සියළුනිල දිවා භෝජන සංග්‍රය සඳහාද සේනාංකාධිපති තුමා සහභාගි ලදි.

ඒ අනුව සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් පැවැත්වු අතර, කිලිනොච්චි ලුම්බිණි විහාරස්ථානයේදි බෝධි පූජා පිංකමක්ද , කන්දසාමි හින්දු කෝවිලේදි සහ කිලිනොච්චි මුස්ලිම් පල්ලියෙදි ආගමික වතාවත් සිදුකර 2018.02.21 වන දින ශාන්ත තෙරේසා දේවස්ථානයේ ළමුන් 250 කට වැඩි පිරිසක් වෙත දිවා ආරය ලබාදෙන ලදි.