Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th March 2018 13:38:05 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඔයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කුමා පිරිස් 2018.03.13 දින රාජකාරි භාරගනු ලැබිය.

මෙහිදි 65 වන සේනාංක මුලස්ථානය වෙත සපමිණි නව සේනාංකාධිපතිතුමන්ව හමුදා සම්ප්‍රදානුකුලව කදවුරැ සම්මාන මුරයක් පිරිනමා ජ්‍යෙෂ්ඨ නිළධාරින් විසින් පිළිගැනිමෙන් අනතුරැව 1 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.

මේජර් ජෙනරාල් කුමා පිරිස් සිය කාර්යාලයේ දි මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣඡායනා මධ්‍යයේ නිල ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

නව ධුරයේ රාජකාරි භාරගැනිම සංකේතවත් කරමින් නව සේනාංකාධිපති විසින් 65 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, භඨ පිරිස් ඇමතිමෙන් අනතුරුව දේශණ ශාලාවේ පැවැති සියළු නිළ තේ පැන් සංග්‍රහයක් සදහා ද එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සදහා බළ සේනාංකාධිපතිඅරුන්,ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්,සෙසු නිළයින් හා සිවිල් සේවක මහතුන් සහභාගි වන ලදි.