Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd March 2018 12:05:18 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙත මානව හිමිකම් හා මානුෂ්‍යවාදි නීති පිලිබඳ එක්දින වැඩමුළුවක්

ආරක්ෂක සේනා මුලස්ථන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ආරාධනයකට අනුව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත මානව හිමිකම් සහ මානුෂ්‍යවාදි නීතිය පිලිබඳ පුළුල් දැනුමක් ලබාදිමේ වැඩ සටහනක් පවත්වන ලදි.

2018.මාර්තු මස 02 වන දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පෙ:ව 0900 පැයේ සිට ප:ව 1600 පැය දක්වා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂසම් සභාවේ රෝහිත ප්‍රියදර්ශන සහ ධනුෂ්ක චමිල විසින් දේශණය පවත්වන ලදි.

දේශණය සඳහා යුද්ධ හමුදා නිළධාරින් 15 ක් සහ සෙසුනිලයින් 550 දෙනෙක් සහභාගිවු අතර, මානව හිමිකම් සහ මානුෂ්‍ය නීතිය පිලිබඳ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරිම මෙම වැඩමුළුවේ අරමුණ වේ.