Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd March 2018 16:33:41 Hours

කිලිනොච්චි රාජකාරි නියුතු භඨපිරිස් හට සමාජ ජාල පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක්

ශ්‍රි ලංකාව තුල සයිබර් අවකාශයෙන් එල්ල වන අපරාධ මර්ධනය කිරිම සඳහා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පියවර රැසක් ගෙන ඇත.ඒ පිළිබදව කිලිනොච්චි බළප්‍රදේශයේ යුද්ධ හමුදා භඨපිරිස් දැනුවත් කිරිම වැඩසටහනක් 2018.03.20 වන දින ඉරණමඩු නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් මත සිදු කරන ලදි.

වැඩසටහනේ ප්‍රධාන අරමුණවුයේ සමාජ ජාල/අන්තර්ජාලය භවිතා කිරිමෙදි ආරක්ෂිතව භාවිතා කරන ආකාරය පිළිබදව සහ තොරතුරු හුවමාරු කිරිමෙදි හමුදා හා සිවිල් නිතිමය කටයුතු උල්ලංගනය නෙවන පරිදි භාවිතා කරන ආකාරය පිළිබදව නිළධාරි/සෙබළුන් දැනුවත් කිරිමයි.

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනෙච්චි අඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදේස් මත මෙම අවස්ථාව සඳහා නිලධාරින් 25 දෙනෙක් සහ සෙබළුන් 950 ක් සහභාගිවු අතර,සයිබර් අවකාශයේ එල්ල වන අපරාධ වලින් සොල්දාදුවන් ආරක්ෂා කිරිම සඳහා ගෙන ඇති පියවර පිලිබඳ දේශණය කර්නල් තොරතුරු තාක්ෂණ කර්නල් නලින් ජයරත්න නිළධාරි විසින් පවත්වන ලදි.