?
09th January 2026 14:48:51 Hours
පැවැති අයහපත් කාලගුණික තත්වයත් සමග අම්/පානම මහා විද්‍යාලය තුල ඇති ගසක අතු කඩා වැටිම හේතුවෙන් එම විද්‍යාලයේ ඉල්ලීම පරිදි 242 පාබල බලසේනාව යටතේ පාලනය වන 14 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් 01 × 10 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2026.01.08 වන දින සහභාගි කරවා එම ගසෙහි අතු ඉවත් කිරිම සිදු කරන ලදි.
09th January 2026 14:33:03 Hours
07th January 2026 18:09:04 Hours
පැවැති අයහපත් කාලගුණික තත්වයත් සමග දුවේ අරුවේ පැති බැම්මේ සුලු වශයෙන් හානි සිදුවිම හේතුවෙන් වාරිමාර්ග ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි 242 පාබල බලසේනාව යටතේ පාලනය වන 14 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් 01 × 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් නැගෙනහිර ප්‍රදේශයට බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් 2026.01.07 වන දින දුවේ අරුවේ පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සහභාගී වන ලදී.
04th January 2026 13:22:17 Hours
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාම්පිටිය ප්‍රදේශයේ පිහිටි මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සහ මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන 2026.01.03 දින පවත්වන ලදී.
02nd January 2026 11:40:16 Hours
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් නයිනකාඩු ප්‍රදේශයේ පිහිටා ඇති වීරයඩි අමුණ ජපන් ජබර ශාක හා ලී දඬු හේතුවෙන් අවහිර වී පැවතීම හේතුවෙන් එම ශාක සහ ලී දඬු ඉවත් කිරීම සඳහා.
22nd December 2025 12:11:44 Hours
233 වන පාබල බලසේනාවේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරි/සෙසුනිලයින් විසින් 2025 දෙසැම්බර් 19 වන දින සෙවනපිටිය - අලුත්වැව ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ/පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
22nd December 2025 12:03:53 Hours
පසුගිය දිනයන්හිදී දිවයිනට බළපෑ “දිට්වා” සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තු බළප්‍රදේශයට අයත් තෙන්නමරම්වාඩිය සහ තිරියාය යන ග්‍රාම නිලධාරි වසම්හි ජීවත්වන පවුල් 176ක් සදහා ගුණ ජය සතුට පදනමේ සාමාජිකයින්ගේ රු.1,056,000.00ක මුල්‍ය දායකත්වයෙන් පවුලක් සදහා රු. 6,000.00ක වටිනාකමකින් යුත් වියළි සලාක මළු 176ක් බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් අධියර 2ක් යටතේ 2025 දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලදී.
22nd December 2025 11:53:26 Hours
පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, 2025 දෙසැම්බර් 17 වන දින පෙරියවඩුවන් සින්නතුරයිචෙනයි වැවේ බැම්ම කැඩී ගියේය. ඒ අනුව, 232 පාබල බලසේනාවේ අණදෙන නිලධාරියාගේ උපදෙස් මත සහ අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ, 12 වන බලඇණියේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 3 × 15 භට පිරිස් සහ සිවිල් වැසියන් 10 දෙනෙකු 2025 දෙසැම්බර් 20 වන දින වැලි කොට්ට භාවිතයෙන් හානියට පත් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදවන ලදී.
18th December 2025 14:28:28 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ අනුග්‍රයෙන්, 232 පාබල බළසසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 23 වන පාසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 පාබසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ
17th December 2025 14:51:07 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 16 වන දින 0730 පැයේ සිට 1230 දක්වා 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.