?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th December 2025 14:28:28 Hours

ආපදාවට ලක්වු පවුල් 05 ක් සදහා ගෑස් ලිප් හා ආහාර පිසීමට ගන්නා ගෘහ උපකරණ කට්ටල බෙදාදීම

ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ අනුග්‍රයෙන්, 232 පාබල බළසසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 23 වන පාසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 පාබසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින තුල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක්වු කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පීරම්බඩතිවු, අම්බුස්කුඩා, පුලාකාඩු, කින්ණිඅඩි ගම්මාන වලට අයත් පවුල් 05 ක් සදහා ගෑස් ලිප් හා ආහාර පිසීමට ගන්නා ගෘහ උපකරණ කට්ටල 2025.12.17 වන දින බෙදාදෙන ලද අතර, එම අවශ්ථාව සදහා 12 ශ්‍රීලංජාආබමු ඒකකයේ භඨපිරිස් 03 x 10 ක ප්‍රමාණයක් සහභාගී වන ලදී.