30th December 2022 10:35:19 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට සහ ධජයන්ට සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහිකරමින් සංවිධානය කරන ලද ඉස්ලාම් දේව මෙහෙය 2022.12.29 වන දින හංවැල්ල ජුම්මා පල්ලියේදී පැවැත්විණි. රෙමඉසේබ මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ, මේජර් ඒඑම් ෆසාල් ඉසේබ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.
23rd December 2022 10:20:11 Hours
1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරි සමාජය විසින් සංවිධානය කරන ලද 40 වන "කොනොනි සමාජ ශාලා සංවත්සරය" සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 දෙසැම්බර් 22 වන දින පනාගොඩ පිහිටි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොනොනි සමාජ ශාලාවේදී පැවැත්විණි.
18th December 2022 14:29:41 Hours
ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල් වල සැමටත් ධජයන්ටත් සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහි කරමින් ඔවුන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීමත් වෙනුවෙන් සංවිධානය කරන ලද කිරි පිඩු පූජාව 2022.12.16 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල දී පැවැත්විණි.
28th November 2022 15:29:29 Hours
මේජර් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 4 වන අණදෙන නිලධාරි ලෙස 2022 මැයි 11 වන දින දියතලාව 17 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
24th November 2022 14:06:47 Hours
17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 8 වන ඒකක දින සංවත්සරය 2022.11.11 වන දිනට යෙදී තිබුණු අතර, කදවුරු මුරය සහ සම්මාන පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව ඒ දිනය සනිටුහන් කිරිම වස් අණදෙන නිලධාරි මේජර් ඊඒඩිපි එදිරිසිංහ එල්එස්සි විසින් පැලයක් රෝපණය කරන ලදි.
11th July 2022 11:06:05 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර් නල් ආර් එම් එස් කේ රත්නායක ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.01 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
05th July 2022 10:47:32 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස මේජර් එස් බී ටී පී ද සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.05 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
17th June 2022 14:59:59 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස සෙ/751678 බනි 1එස්එස්ඒ සෝමවීර යූඑස්පී 2022.06.10 වනදින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
17th June 2022 14:51:00 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය ඉදිරිපිට පිහිටි ‘ක්‍රියේටර්ස්‘ සුභ සාධක වෙලදසැල් ගොඩනැගිල්ලෙහි බිම් මහලෙහි ‘Creators Military Items & Textile’ වෙලදසැල යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ මහජනතාවගේ ප්‍රයෝජනය සදහා 2022.06.10 වන දිනට යෙදුනු සුභ මොහොතින් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එද්රිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරාධනයෙන් සපැමිණි ඉංජිනේරු සේවා අධ්යක්ෂ හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කරන ලදී.
17th May 2022 10:04:12 Hours
මේජර් ඊඅයි චතුරංග එල්එස්සී ඉසේබ 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 4 වන අණදෙන නිලධාරි ලෙස 2022 මැයි 16 වන දින මුලතිව් හි 16 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.