Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

මුල් පුවත

  • 73 වන බලකා දිනයට සමගාමීව පැවති කතෝලික දේව මෙහෙය

    05th January 2023 11:57:01 Hours

    ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට හා ධජයන්ට සෙත් පැතීම පිණිස සංවිධානය කරනලද කතෝලික දේව මෙහෙය 2023.01.03 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. හෝමාගම මීසමේ ගරු ඇන්ටන් තිළිණ සමිත් සොයිසා පියතුමා සහ ෂෙහාන් මධුරංග බොතේජු දේවගැති සහෝදරයා විසින් දේව මෙහෙය, මෙහෙය වූ අතර, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එන්ජේ පෙරේරා,

  • ඉංජිනේරු සේවා බලකායේ 73 වැනි සංවත්සරයට සමගාමීව පැවති බනි /සැර නිවස්න සාදය

    03rd January 2023 14:14:20 Hours

    73 වැනි සංවත්සර බළකා දින සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ඉංජිනේරු සේවා බලකා බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ සාදය, සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජනවාරි 02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි/සැර නිවස්නයේදී පැවැත්විණි.

  • 73 වන බලකා දිනයට සමගාමීව පැවති ඉස්ලාම් දේව මෙහෙය

    30th December 2022 10:35:19 Hours

    ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට සහ ධජයන්ට සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහිකරමින් සංවිධානය කරන ලද ඉස්ලාම් දේව මෙහෙය 2022.12.29 වන දින හංවැල්ල ජුම්මා පල්ලියේදී පැවැත්විණි. රෙමඉසේබ මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ, මේජර් ඒඑම් ෆසාල් ඉසේබ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.

  • 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොනොනි සමාජයේ 40 වන සංවත්සරය සමරයි

    23rd December 2022 10:20:11 Hours

    1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරි සමාජය විසින් සංවිධානය කරන ලද 40 වන "කොනොනි සමාජ ශාලා සංවත්සරය" සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 දෙසැම්බර් 22 වන දින පනාගොඩ පිහිටි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොනොනි සමාජ ශාලාවේදී පැවැත්විණි.

  • 73 වන ඉසේබ සංවත්සරයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධිය අසල පැවති කිරි පිඩු පූජාව

    18th December 2022 14:29:41 Hours

    ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල් වල සැමටත් ධජයන්ටත් සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහි කරමින් ඔවුන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීමත් වෙනුවෙන් සංවිධානය කරන ලද කිරි පිඩු පූජාව 2022.12.16 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල දී පැවැත්විණි.

  • 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව අණදෙන නිලධාරියා ලෙස මේජර් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ වැඩ භාර ගන්නා ලදී.

    28th November 2022 15:29:29 Hours

    මේජර් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 4 වන අණදෙන නිලධාරි ලෙස 2022 මැයි 11 වන දින දියතලාව 17 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

  • 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 8 වන ඒකක දින සංවත්සරය

    24th November 2022 14:06:47 Hours

    17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 8 වන ඒකක දින සංවත්සරය 2022.11.11 වන දිනට යෙදී තිබුණු අතර, කදවුරු මුරය සහ සම්මාන පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව ඒ දිනය සනිටුහන් කිරිම වස් අණදෙන නිලධාරි මේජර් ඊඒඩිපි එදිරිසිංහ එල්එස්සි විසින් පැලයක් රෝපණය කරන ලදි.

  • නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 තනතුර භාර ගැනීම

    11th July 2022 11:06:05 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස ලුතිතන් කර් නල් ආර් එම් එස් කේ රත්නායක ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.01 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

  • නව මාණ්ඩලික නිලධාරි 1 (භකාස) තනතුර භාර ගැනීම

    05th July 2022 10:47:32 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස මේජර් එස් බී ටී පී ද සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.05 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

  • නව රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරෙහි වැඩ භාර ගැනීම

    17th June 2022 14:59:59 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස සෙ/751678 බනි 1එස්එස්ඒ සෝමවීර යූඑස්පී 2022.06.10 වනදින නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.