Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

මුල් පුවත

  • ඉංජිනේරු සේවා බලකාය විසින් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ ‘වප් පොහොය දින’ ආගමික කටයුතු පවත්වයි

    30th October 2023 23:36:14 Hours

    ඉංජිනේරු සේවා බළකාය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සමඟ එක්ව 2023 ඔක්තෝම්බර් 28 වන දින යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ මඟපෙන්වීම යටතේ පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ 'වප් පොහෝ දින' ආගමික කටයුතු සඳහා උදෑසන සිල් සමාදන්ව ආගමික කටයුතු ආරම්භ කරන ලද අතර ඉන් අනතුරුව ධර්මදේශනාව සහ මුළු දවසම ආවරණය වන පරිදි දානමය සිදුකරන ලදී.

  • කර්නල් ජී චී එච් චන්ද්‍රරත්න ගේ සමුගැනීමේ සාදය

    30th October 2023 23:32:19 Hours

    2023 ඔක්තෝම්බර් 27 වන දින කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න වෙත සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මේ සදහා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සහභාගීත්වයෙන් ඉසේබ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි. ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඔවුන්ගේ කාලාත්‍රයන්ද සහභාගී විය.

  • ඉංජිනේරු සේවා බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය විශිෂ්ට සටහනකින් අවසන් විය.

    27th October 2023 10:14:00 Hours

    සේවා බලකාය විසින් සංවිධානය කරන ලද නිලධාරීන්ගේ පුහුණු දිනය 2023 ඔක්තෝම්බර් 25 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලද්දේ ඉසේබ නිලධාරීන්ගේ වෘත්තීයභාවය, සංවර්ධනය සහ සහජීවනය පිළිබඳ සාමාන්‍ය ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා ය.

  • මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල වෙත සංචාරයක් සිදු කරන ලදී.

    24th October 2023 16:22:10 Hours

    මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2023 ඔක්තෝම්බර් 24 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

  • මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට සංචාරය කරන ලදී.

    24th October 2023 16:20:11 Hours

    මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2023 ඔක්තෝම්බර් 24 වන දින පනාගොඩ 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (1 ඉසේරෙ) වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

  • ඉංජිනේරු සේවා බලකාය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ TECHNO 2023‘ ප්‍රදර්ශනයට සහභාගී විය

    24th October 2023 12:36:59 Hours

    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද ‘TECHNO 2023‘ ප්‍රදර්ශනයට ඉංජිනේරු සේවා බලකාය සහභාගී වූ අතර, 35 වන තාක්ෂණික ප්‍රදර්ශනය අනාගත නවෝත්පාදකයින් පෝෂණය කිරීම සඳහා ගැඹුරු පිටුවහලක් ලබා දෙයි. “ඉංජිනේරු තාක්‍ෂණය තුළින් ආර්ථිකය ගොඩනැගීම” 2023 සඳහා වන තේමාව යටතේ පැවති මෙම ප්‍රදර්ශනයෙහි අරමුණ හුදෙක් ප්‍රදර්ශනයක් ලෙස නොව නිර්මාණාත්මක සංවාදයක්, දැනුම හුවමාරු කර ගැනීම සහ ඉංජිනේරු සහයෝගීතාව සඳහා වේදිකාවක් වීමයි.

  • මාහා මාර්ගයේ ජලඅපවහන කාණුවක් පවිත්‍ර කර පැසසුම් ලැබූ ඉසේබ සාමාජිකයන්

    16th October 2023 22:33:39 Hours

  • මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 12 වන යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ‍ජෙනරල් මූල්‍යල කළමණාකරන ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

    14th October 2023 16:30:00 Hours

    ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්බී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2023 ඔක්තෝම්බර් 12 වන දින, යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 12 වන අධ්‍යක්ෂ ජනරල් ලෙස සිය වගකීම් නිල වශයෙන් භාර ගන්නා ලදී.

  • අණදෙන නිලධාරි 1 ඉසේරෙ ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ යුද්ධ හමුදාධිපති තුමන් අතින් ප්‍රසංශාත්මක ලාංඡනයක් ලබා ගනී.

    10th October 2023 16:35:02 Hours

    නවතමයෙන් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත යුද්ධ හමුදා මූලස්ථාන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම ඉංජිනේරු සේවා බලකාය විසින් දීර්ඝ කාලයක් සිට අපේක්ෂාවෙන් සිටි ස්ථානයෙහි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නවතමයෙන් ස්ථානගත කිරීමටත්, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දරන ලද සාර්ථකත්වයට පත් උත්සාහය අගය කිරීම වෙනුවෙන් සහ අණදෙන නිලධාරියෙකු වශයෙන් 1 ඉසේරෙ වෙත පැවරෙන ඉංජිනේරු සේවාවන් අඩුපාඩු/ අතපසුවීමකින් තොරව උසස් මූලස්ථාන හා රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයෙන් යුතුව මනා ලෙස සම්බන්ධීකරණය කර ගනිමින් ඉටු කිරීමේ හැකියාව ද මැනවින් පෙන්වීම මෙන්ම වෙසක් උත්සවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන අනෙකුත් උත්සව අවස්ථා මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානය/ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පැවරෙන ලද රාජකාරීන් ඉතා සතුටුදායක අයුරින්ම නිම කිරීමේ ලා දක්වනු ලබන විශිෂ්ඨ හැකියාව සහ උනන්දුව හේතුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 74 වන යුද්ධ හමුදා දිනයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රසංශාත්මක ලාංඡනයක් පලදවන ලදී.