Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th October 2023 12:36:59 Hours

ඉංජිනේරු සේවා බලකාය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ TECHNO 2023‘ ප්‍රදර්ශනයට සහභාගී විය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද ‘TECHNO 2023‘ ප්‍රදර්ශනයට ඉංජිනේරු සේවා බලකාය සහභාගී වූ අතර, 35 වන තාක්ෂණික ප්‍රදර්ශනය අනාගත නවෝත්පාදකයින් පෝෂණය කිරීම සඳහා ගැඹුරු පිටුවහලක් ලබා දෙයි. “ඉංජිනේරු තාක්‍ෂණය තුළින් ආර්ථිකය ගොඩනැගීම” 2023 සඳහා වන තේමාව යටතේ පැවති මෙම ප්‍රදර්ශනයෙහි අරමුණ හුදෙක් ප්‍රදර්ශනයක් ලෙස නොව නිර්මාණාත්මක සංවාදයක්, දැනුම හුවමාරු කර ගැනීම සහ ඉංජිනේරු සහයෝගීතාව සඳහා වේදිකාවක් වීමයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලය (CMETSL) යටතේ ඇති අනෙකුත් සහෝදර සේවා දෙක සමඟ ඒකාබද්ධ වී ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වාර්ෂික ප්‍රදර්ශනයට සහභාගී විය.

ප්‍රදර්ශනය සඳහා ඉංජිනේරු සේවා බළකාය සහභාගී වීම කැපී පෙනෙන අතර, අවසන් කර ඇති සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත ව්‍යාපෘති පිළිබද විස්තර ඉදිරිපත් කිරීම සිදුකල අතර, 'TECHNO 2023' හි ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කුසලතා ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධාන භූමිකාවක් සමඟින්, ඉදිකිරීම් තුළින් ජාතියේ සංවර්ධනය සඳහා ඉංජිනේරු සේවා බලකායෙහි කැපවීම මෙහිදී පිළුඹිබු විය. මෙම ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් 20 සිට 22 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.