Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය

ලංකා ආරක්‍ෂක බලමුළුවෙහි කොටසක් වශයෙන් 1911 පෙබරවාරී මස පිහිටුවන ලද ඉංජිනේරු ස්වෙච්ඡා ඒකකයෙහි කාර්ය සේවා අංශයක්ද මූලික වශයෙන් පිහිටුවා ඇත. 1949 ඔක්තෝබර් මස 10 දින ශ‍්‍රි ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමෙන් අනතුරුව 1950 ජනවාරී මස 10 දින පලමු වන කාර්ය පෙල ඉංජිනේරු නමින් වත්මන් ඉංජිනේරු සේවා බලකාය ආරම්භයේදී හඳුන්වා දී අති අතර, එදින මෙම බලකායේ උපන් දිනය ලෙස යුද්ධ හමුදා ඉතිහාසයේ සඳහන් වී ඇත.

ඉන් අනතුරුව පළමු වන කාර්ය පෙළ ලංකා ඉංජිනේරු 1951 වර්ෂයෙහි තුන්වන කාර්ය සේවා බලඝණය ලංකා ඉංජිනේරු වශයෙන්ද 1957 වර්ෂයෙහි කාර්ය සේවා ශි‍්‍ර ලංකා ඉංජිනේරු ඒකකය (Work Services Sri Lanka Engineers) යනුවෙන්ද, 1990.01.10 දින සිට ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (Engineer Services Regiment) යනුවෙන්ද, 1999.02.05 දින සිට ඉංජිනේරු සේවා බලකාය (Corps of Engineer Services) යනුවෙන්ද මෙම බලකාය නාම පරිවර්ථනයකට ලක්වී ඇත.

1990'01'01 වන දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩ පිහිටුවන ලදී.