Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ඉංජිනේරු සේවා මධ්‍ය වැඩපොල

1950 ජනවාරි 10 වැනි දින කාර්ය සේවා ශි‍්‍ර ලංකා ඉංජිනේරු ඒකකය (Works Services Ceylon Engineers) පිහිටුවීමෙන් පසු, 1952 ජූනි 01 දින පනාගොඩ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය යටතේ විදුලි හා යාන්ත්‍රික අංශය ස්ථාපිත කරන ලද අතර පළමු විදුලි හා යාන්ත්‍රික නිලධාරියා ලෙස ලුතිතන් එම්බීඒ ක්ලාස් පත් කරන ලදී. ඔහු විශ්‍රාම ගියේ මේජර් නිලයෙනි.

1964 ජූලි 20 දින කපිතන් එච්ඒඑස් වික්‍රමසූරිය ඉසේබ සහ කපිතන් ටීවීඑල් රුබේරු ඉසේබ සෘජුවම බඳවාගෙන කාර්ය සේවා ලංකා ඉංජිනේරු මූලස්ථානය සහ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය (කොළඹ) හි විදුලි හා යාන්ත්‍රික නිලධාරීන් ලෙස පත් කරන ලදී. සියලුම හමුදා ආයතනවල විදුලි හා යාන්ත්‍රික කටයුතු සඳහා ඔවුන් වගකිව යුතු විය.

1981 දී කපිතන් ඩබ්ලිව්බී වීරසූරිය ශ්‍රීලංඉ විදුලි හා යාන්ත්‍රික නිලධාරි ලෙස පත් කරන ලද අතර බනි 11 ජයරත්න එම්ඒ සහ බඳවා ගත් 10 දෙනෙකු පනාගොඩ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාල පරිශ්‍රයේ විදුලි හා යාන්ත්‍රික වැඩපල ආරම්භ කිරීම සඳහා ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය (පනාගොඩ) වෙත අනුයුක්ත කරන ලදී. සියලුම යුධ හමුදා ආයතනවල භාවිතා කරන ජෙනරේටර් සහ ජල පොම්ප ප්‍රථම වරට අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම මෙම වසරේ ආරම්භ කරන ලදී.

1989 නොවැම්බර් 04 වන දින කපිතන් පීපී අතුළුවගේ ශ්‍රීලංඉ විදුලි හා යාන්ත්‍රික වැඩපලෙහි පළමු අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. පසුව, 1998 දී විදුලි හා යාන්ත්‍රික වැඩපල ඉංජිනේරු සේවා විදුලි හා යාන්ත්‍රික වැඩපල ලෙස නැවත නම් කර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ස්ථානගත කරන ලදී. මේජර් කේඒපීජේ රත්නායක ඉසේරෙ ඉංජිනේරු සේවා විදුලි හා යාන්ත්‍රික වැඩපලෙහි ප්‍රථම සේනාවිධායක ලෙස පත් කරන ලද අතර 2010 වසරේදී නැවතත් ඉංජිනේරු සේවා විදුලි හා යාන්ත්‍රික වැඩපල ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල ලෙස නැවත නම් කරන ලදී. 2012 ඔක්තෝම්බර් 31 වන දින හෝමාගම හබරකඩ ප්‍රදේශයේ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල ප්‍රතිස්ථාපනය සඳහා මුල්ගල් තබන ලද අතර දැනට වැඩපල එම ස්ථානයේ ස්ථාපිත කර ඇත.

වත්මන් සේනාවිධායක ලෙස ලුතිතන් කර්නල් ආර්එම්එස්කේ රත්නායක ඉසේබ රාජකාරි කරනු ලබයි. අනුමත ඒකකය පිහිටුවීම නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයින් 112 කි.