Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

2025 BASL ආධුනික බොක්සිං තරඟාවලියේදී ඉසේබ බොක්සිං ක්‍රීඩකයින් ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 2025 BASL ආධුනික බොක්සිං තරඟාවලිය, 2025 අප්‍රේල් 21 වන දින සිට 24 වන දින දක්වා කොළඹ රාජකීය MAS Arena හිදී සාර්ථකව පැවැත්විණි.

Sinhala

ඉසේබ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගනී.

2025.02.20 දින සිට 27 වන දින දක්වා දියතලාව කේෂ්ත්‍ර වෙඩිපිටියේ පැවති අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියට සහභාගී ඉංජිනේරු සේවා බලකා 'විවෘත' කණ්ඩායම සේවා ඒකක කණ්ඩායම් අතුරින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

Sinhala

7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය අත්කර ගනී

ඉංජිනේරු සේවා බලකායේ 75 වන සංවත්සරය සනිටුහන් කරන සැමරුම් උත්සවයේ කොටසක් ලෙස, අන්තර්- රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථාන වොලිබෝල් පිටියේදී පැවැත්විණි. දෙසැම්බර් 22 සිට 24 දක්වා දින තුනක් පුරා පැවති තරඟාවලිය බළකායේ රෙජිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් දාහතරක් අතර උද්යෝගිමත් තරඟයක් ගෙන ආවේය.

Sinhala

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවය - 2024

යුද හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් 22 දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී අවසන් විය.

Sinhala

ඉසේබ හොකී කණ්ඩායම බී කාණ්ඩයේ අනුශූරතාවය දින ගනී.

2023.09.17 දින රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති රජරට සත් සාමාජික හොකී තරගාවලියේ කණ්ඩායම් 20ක් අතුරින් බී කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගැනීමට ඉසේබ හොකී කණ්ඩායම සමත් විය.

Sinhala

66 වන ජාතික බිලියඩ් ශූරතා තරගාවලියේ ශුරථාවය ලා/කෝ මූබීන් එම්එම් දිනාගනී

66 වන ජාතික බිලියඩ් ශූරතා තරගාවලියේ ශුරථාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම නියෝජනය කල ඉංජිනේරු සේවා බලකායේ ලා/කෝ මූබීන් එම්එම් දිනාගත් අතර, එම තරගාවලියේම තෙවන ස්ථානය හා පස්වන ස්ථානය යුද හමුදා කණ්ඩායම නියෝජනය කල මෙම බලකායේම මා/සැ සුසන්තවික්‍රම එස්ජී හා ලා/කෝ මධුරංග ටීඩී විසින් දිනාගන්නා ලද අතර, ලා/කෝ මධුරංග ටීඩී විසින් සමස්ථ ලංකා බිලියඩ් ශූරතාවයද දිනාගන්නා ලදී. මෙම තරගාවලිය 2019-07- 05 දින ක්‍රීඩා සමාජ බිලියඩ් ක්‍රීඩාගාරෙය්දී පැවැත්වින.

Sinhala